2026 ජූලි 29 බදාදා, 03:55
නවතම පුවත්

බටේ හිල නිසා තෙල් හිගයක් එයිද?

කොළඹ වරායේ සිට කොළොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට සම්බන්ධ කරන තෙල් නල මාර්ගවල දෝෂයක් දක්නට ලැබුණද, ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය.

ඊයේ (16) ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. රාජකරුණා පැවසුවේ දෝෂය ඇති ස්ථානය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බවත්, ඊයේ දහවල් වන විට සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්ය.

එම ස්ථානයෙන් තෙල් ලීටර් 3,000 ක් පමණ කාන්දු වී ඇති බවත්; කෙසේ වෙතත්, කාන්දු වූ තෙල්වලින් වැඩි ප්‍රමාණයක් එකතු කර ඇති බවත් ඔහු හෙළිකළේය.

තෙල් ගොඩබෑම අවසන් කර ඇති බවත්, සිද්ධියෙන් පසු කිසිදු ගැටළුවක් වාර්තා වී නොමැති බවත් මුහුදට තෙල් කාන්දු වී නොමැති බවත් ඔහු තහවුරු කළේය.

“ඊයේ (15) රාත්‍රී 8 ට පමණ මෙම කාන්දුව වාර්තා වුණා. කාන්දුව හඳුනාගත් වහාම සේවකයන් තෙල් එකතු කිරීම ආරම්භ කළ අතර, පසුව, කාන්දුව අඟල් 10 නල මාර්ගයේ නොව අඟල් 12 නල මාර්ගයේ බව අපට තහවුරු කර ගැනීමට හැකිවුණා. මුහුදට කිසිදු තෙල් කාන්දු වී නැහැ” ඔහු පැවසීය.

සභාපතිවරයා ද සඳහන් කළේ, මුළු පාඩුව තවමත් ගණනය කර නොමැති බවත්, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංඛ්‍යා විශ්වාස කළ නොහැකි බවත්ය.

මෙම දෝෂය හේතුවෙන් ඉන්ධන සැපයුමේ කිසිදු ප්‍රමාදයක් වාර්තා වී නොමැති බවත්, ඇතැම් පාර්ශවයන් පවසන පරිදි ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

වසර ගණනාවකට පෙර ඉදිකරන ලද පවතින නල මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ටෙන්ඩර් අනුමත කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

“මෙම නල මාර්ග පද්ධතිය මුලින්ම ඉදිකර ඇත්තේ වසර 80 කට පෙර. 2003 දී පමණ සිට, පෙර රජයන් එය ප්‍රතිසංස්කරණය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නමුත් කිසිවක් සිදුවුණේ නෑ. දැන් අපට අඟල් 18 නල මාර්ගයක් සඳහා ටෙන්ඩරයක් සඳහා අනුමැතිය ලැබී තිබෙනවා” ඔහු පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories