2026 ජූලි 27 සඳුදා, 01:00
නවතම පුවත්

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළහොත් නවත්තගන්න බැරි අරගලයක් එනවා

‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනත’ සම්මත වුවහොත් අනාගත පරපුර අනාථ වන බවත්, සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් විවෘත කිරීමට සිදුවන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

එම නිසා මෙම පනත වහා හකුළා ගත යුතු බවත්, එසේ නොකළහොත් ඉදිරියේදී ඇතිවිය හැකි අරගලය කිසිවකුට නවතාලිය නොහැකි බවටත් උන්වහන්සේ අනතුරු අඟවා ඇත.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, අගමැතිවරිය පවසන පරිදි මෙම පනත පාසල් දරුවන් හා ගුරුවරුන් පමණක් ඉලක්ක කර ගෙනා පනතක් නොවන බව අවධාරණය කළහ.

“පාසල් දරුවන් පමණක් නොවෙයි පිරිවෙන්වල ලබන දරුවන් හා සාමණේර වහන්සේලා, ළමා නිවාසවල ඇති දැඩි වෙමින් අධ්‍යාපනය ලබන දරුවන් මේ හැමෝම නොවෙයි අධ්‍යාපනය අයත් වෙනවා. ඒක තමයි අපට තිබෙන ප්‍රශ්නය. සෑම දරුවකුගේම භාරකරුවන්ට එම පනත සම්මත වුවහොත් සිදුවෙනවා දරුවන් යටතේ කටයුතු කරන්න.”

එම නිසා අනාගත පරපුර වල්මත් කරවන මෙම ‘අශීලාචාර නීතිය’ වහාම ඉල්ලා අස්කර ගතයුතු බවත්, එය ඉල්ලා අස්කර නොගෙන හිමින් සීරුවේ සම්මත කර ගැනීමට උත්සාහ දරන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, අගමැතිවරිය අපේකම, අපේ ශිෂ්ටත්වය, අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැති නම්, රටේ ජනතාව විශ්වාසය තබා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම, මහා නාහිමිපාණන් වහන්සේලා ද ජනාධිපතිවරයාට මෙහි යථාර්ථය පහදා දිය යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories