2026 ජූලි 29 බදාදා, 05:18
නවතම පුවත්

දේශබන්දු පිළිබඳ විමර්ශන කමිටු සාමාජිකයින් පත්කිරීම එළැඹෙන සතියේදී

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම එලැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය.

ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතව තිබෙන අතර එමෙන්ම මෙම කමිටුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුව ඇත.

ඒ අනුව මෙම කමිටුව ස්ථාපිත කළ වහාම එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 08 වැනිදා ඡන්ද 151කින් සම්මත විය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් විසින් කතානායකවරයා වෙත භාර දී තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories