2026 ජූලි 29 බදාදා, 18:55
නවතම පුවත්

අමෙරිකාවේ සිරකරුවෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි – සිරකරු වෙඩිකන්න තීරණය කරලා

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තය ඊයේ(සිකුරාදා) සවස වෙඩිතැබීම මගින් සිරකරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

එය 2010 සිට එක්සත් ජනපදයේ භාවිත නොකළ අතිශය දුර්ලභ ක්‍රමයකි.

67 හැවිරිදි බ්‍රැඩ් සිග්මන් නම් සිරකරුවා 2001 දී බේස්බෝල් පිත්තකින් තම හිටපු පෙම්වතියගේ දෙමාපියන් වන ඩේවිඩ් සහ ග්ලැඩිස් ලාර්ක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු විය.

මරණ ක්‍රම තුනකින් තෝරා ගැනීමට විනිසුරුවරයකු සිග්මන්ට නියෝග කර තිබිණි.

එනම්, මාරාන්තික එන්නත් කිරීම, විදුලි සැර වැදීම හෝ වෙඩි තැබීමේ කණ්ඩායමක් භාවිත කිරීමයි.

දකුණු කැරොලිනාවේ මාරාන්තික එන්නත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සිග්මන්ට කනස්සල්ලක් ඇති බැවින් වෙඩිතැබීමට තෝරාගත් බව ඔහුගේ නීතිඥ ජෙරල්ඩ් කිං ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ප්‍රාන්ත ඉතිහාසයේ මෙවැනි ආකාරයකින් ඝාතනයට ලක් වූ පළමු සිරකරුවා සිග්මන් ය.

ඇමරිකානුවන්ගෙන් බහුතරයක් මරණ දඬුවමට පක්ෂව සිටින බව මත විමසුම්වලින් පෙනීයයි.

එහෙත් බොහෝදෙනෙක් වෙඩිතැබීමේ කණ්ඩායම යුක්තිය ඉටුකිරීමේ පුරාණ ක්‍රියාවලියක් ලෙස සලකති.

එහෙත් මාරාන්තික එන්නත් කිරීමේ ඖෂධ ලබාගැනීම දුෂ්කර වී ඇති අතර සමහර විට අසාර්ථක මරණ දඬුවම්වලට හේතු වී ඇති බැවින්, මෑතකදී ප්‍රාන්ත කිහිපයක් වෙඩි තැබීමේ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයක් ලෙස නීතිගත කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories