මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දත්ත වාර්තාවට අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.4ක අවප්‍රමාණය වීමක් වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතයන් සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවති බවයි.
තවද, විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව සියයට 8කින් ඉහළ යාමක් සටහන් වී තිබීම ආයෝජන විශ්වාසය සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයකි.