2026 ජූලි 27 සඳුදා, 02:50
නවතම පුවත්

වනඅලි ගැටුම් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණයක්

මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය තීරණය කර තිබේ.

අද (නොවැම්බර් 23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය. මීට අමතරව, හෙට (නොවැම්බර් 24) දිනයේදී රාත්‍රී කාලයේදී ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන් ද ඉවත් වීමට බලාපොරොත්තු වන බව එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

මහව සිට උතුරු හා නැගෙනහිරට විහිදෙන දුම්රිය මාර්ගවල වනඅලි ගැටීම් වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

“වර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා. වනඅලීන්ට මෙන්ම දුම්රියටද හානි සිදුවෙනවා. දුම්රිය රියදුරන් ලෙස අපිට ක්ෂණිකව දුම්රිය නතර කර ගැනීමේ හැකියාවක් නැති නිසා මේ සඳහා වගකීමක් දෙන්න බැහැ,” යනුවෙන් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා මෙම කලාප හරහා දුම්රිය ධාවනය කිරීම ඉදිරියේදී සිදු කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, එමගින් මගීන්ට වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස රජයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දුන්නද මෙතෙක් කිසිදු සාධනීය මට්ටමේ දෙයක් සිදුවී නොමැති බවද දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories