බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ධාවනය කළ හැකි සියලුම මාර්ගවල යළි බස් රථ ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඩිපෝ බලධාරීන් පවසයි.
ආපදා තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 165ක් පමණ විනාශ වී තිබූ අතර, ඉන් මාර්ග 111ක් පමණ යළි ප්‍රතිසංස්කරණය කර ඇති බවත්, එම සියලුම මාර්ගවල බස් ධාවනය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.
තවදුරටත් පිළිසකර කෙරෙන මාර්ග:
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පැවසුවේ, මේ වන විට ඇටම්පිටිය – වැලිමඩ, බදුල්ල – ස්ප්‍රින්වැලි, මඩොල්සිම – මැටිගහතැන්න, පස්සර – නමුණුකුල, ගලඋඩ – වාසනාගම, සහ පස්සර – ලුණුගල යන මාර්ගවල පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවයි.