2026 ජූලි 29 බදාදා, 16:50
නවතම පුවත්

වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේ පවතින වියළි කාලගුණයත් සමග කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බවත් ය.

මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍ර දේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

මේ අතර වියළි කාලගුණයත් සමග විදුලි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසූ අතර එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ ඒ අනුව තාප විදුලි බලාගාර හා දැවි තෙල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මෙගාවෝට් 900ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර කැලණි තිස්ස ‘‘ නැප්තා‘‘ බලාගාරය සහ සපුගස්කන්ද දැවිතෙල් බලාගාරය ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව සදහන් වේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ ජල විදුලි බලාගාර තුළින් දිවා කාලයේ දී සමස්ත විදුලි ජනනයෙන් සියයට 20ක් සහ රාත්‍රී කාලයේ දී සියයට 40ක් ලබා ගන්නා බවය.

එමෙන්ම සුර්ය බලාගාර වලින් දිවා කාලයේ දී වැඩි විදුලි ජනන අවස්ථාවක් පවතින බව ද ඔහු සඳහන් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories