2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:07
නවතම පුවත්

අමෙරිකාව සිය රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතුයි

ඉරානය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට පෙර අමෙරිකාව මුලින්ම, තම රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතු බව ඉරාන ජනාධිපති මසුඩ් පෙසේෂ්-කියන් පවසයි.

පසුගිය ජූලි මාසයේදී ඔහු ජනපති ලෙස පත්වීමෙන් පසු පැවැත්වූණු පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අමෙරිකාව සහ බටහිර රටවල් පසුගිය දා ඉරානයට නව සම්බාධක පැනවිය.

ඒ, යුක්රේනයට එරෙහි යුද්ධය වෙනුවෙන්, ඉරානය, රුසියාවට ආයුධ සපයා ඇති බවට චෝදනා කරමිනි.

නමුත් ඉරාන ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි කිසිදු අයුධයක් ඉරානය, රුසියාවට ලබා දී නොමැති බවයි.

ඊශ්‍රායල – ගාසා ගැටුම් ව්‍යාප්ත වීමට ද ඉරානයේ ක්‍රියාකාරීත්වය බලපා ඇතැයි බටහිර රටවල් පැවසීය.

ඒ, හමාස් සංවිධානයට ඉරානයේ සහයෝගය ලැබෙන බවට චෝදනා කරමිනි.

ජූලි මාසයේදී ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට පැමිණි හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වුණේ, මෙම චෝදනා මධ්‍යයේයි.

හිටපු ජනපති ඊබ්‍රහිම් රයිසි මැයි 19 වැනි දා හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසු, මසුඩ් පෙසේෂ් කියන් නව ජනාධිපතිවරයා තේරී පත්විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories