2026 ජූලි 27 සඳුදා, 04:29
නවතම පුවත්

හිටපු වරාය කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රභාත් මලවීආරච්චි මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත විශේෂ යෝජනා දෙකක් ද ඉදිරිපත් කළහ. ඉන් පළමුවැන්න නම් පෙත්සම්කරු මීට පෙර දැරූ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පුරප්පාඩුවක් පවතින්නේ නම් ඒ සඳහා ඔහුව පත් කිරීමේ හැකියාව සොයා බලන ලෙසයි.

මීට අමතරව පෙත්සම් විභාගය අවසන් වන තුරු දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන පුද්ගලයා මීට පෙර දැරූ තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා වැඩ බලන නිලධාරියෙකු පත් කිරීම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දෙන ලදී. මෙම යෝජනා සම්බන්ධයෙන් වරාය අධිකාරියේ ස්ථාවරය ලබන ජනවාරි මස 13 වනදා අධිකරණයට දැනුම් දිය යුතුය.

අධිකරණ නියෝගය පරිදි මෙම පෙත්සමට අදාළ විරෝධතා පවතී නම් ඒවා ජනවාරි මස 21 වනදා ගොනු කළ යුතු අතර ප්‍රතිවිරෝධතා පෙබරවාරි 12 වනදා ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය පෙබරවාරි මස 17 වනදා සිදු කිරීමට අධිකරණය දින නියම කළේය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටි අතර රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ආබෘ මහතා පෙනී සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories