කොට්ටුකච්චිය, පළුගස්වැවයාය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කැලෑවකින් හමුවූ මෙරට නිශ්පාදිත ගිනි අවිය හා උණ්ඩ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය, පළුගස්වැවයාය සහ පුත්තලම-කුරුණෑගල මාර්ගයේ තුනේ කණුව පදිංචිකරුවන් දෙදෙනෙකී.
අදාළ ගිනි අවිය හා උණ්ඩ තොගය, අදාළ පුද්ගලික ඉඩමේ ලී කැපීමට ගිය අයකු විසින් දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණි. අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කැලෑ ප්‍රදේශයේ සඟවා තිබූ සුදු යකඩින් මෙරටදී නිෂ්පාදීත පිස්තෝලයක් සහ ටී 56 උණ්ඩ 13ක් සොයා ගෙන තිබුණි.