2026 ජූලි 31 සිකුරාදා, 02:21
නවතම පුවත්

දින 11 බිළිඳියක් ඇතුළුව රිය අනතුරුවලින් 5ක් මරුට

ඊයේ (සැප්තැම්බර් 20) දිනය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මියගිය අය අතර දින 11ක් වයසැති බිළිඳියක් සහ පාසල් සිසුවෙක්ද සිටීම කණගාටුවට කරුණකි.

වීරවිල පොලිස් වසමේ තුරුසෙවණ ප්‍රදේශයේදී ලොරියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් දින 11ක් වයසැති බිළිඳියක් මියගොස් ඇත. ත්‍රීරෝද රථයේ ගමන් කළ බිළිඳියගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු තුවාල ලබා තිස්සමහාරාම රෝහලේ ප්‍රතිකාර ලබයි.

පුත්තලම පොලිස් වසමේ පාලවිය හන්දිය අසලදී ලොරි රථයක ගැටීමෙන් 35 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. එමෙන්ම, වැලිවේරිය පොලිස් වසමේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි 68 හැවිරිදි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, පොල්ගහවෙල පොලිස් වසමේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකුද මිය ගියේය.

මෙම අනතුරුවලට සම්බන්ධ රියදුරන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පොලිස් ස්ථාන මගින් සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories