2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:56
නවතම පුවත්

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වේදී ශ්‍රී ලංකාව ප්‍රග­ති­යක් ලබා තිබෙ­නවා

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වට නැංවී­මේදී ශ්‍රී ලංකාව සැල­කිය යුතු ප්‍රග­ති­යක් ලබා ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහ­සු­කම (EFF) යටතේ ළඟ­දීම සිදු කෙරෙන තුන්වන සමා­ලෝ­ච­නය කරා කඩි­න­මින් යෑමට එම­ඟින් අව­ස්ථාව උදා කර ඇති බවද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා පව­සයි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු රැස්වීම් හා සම­ගා­මීව අමෙ­රි­කාවේ වොෂි­න්ටන් නුව­රදී පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කදී ඒ මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා මෙසේද පැව­සීය.

” ශ්‍රී ලංකාව සමඟ පව­තින ණය විස්තීර්ණ වැඩ­ස­ට­හන යටතේ තුන්වන සමා­ලෝ­ච­නය වෙත කඩි­න­මින් එළ­ඹී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ සතියේ පැව­ත්වෙන වාර්ෂික රැස්වීම් අත­ර­තුර ශ්‍රී ලංකාව සමඟ පව­තින මූල්‍ය වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් අඛ­ණ්ඩව සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. නව ආණ්ඩුව බල­යට පත්වූ පසු මූල්‍ය අර­මු­දලේ ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් මෙම මස මුලදී මෙර­ටට පැමි­ණියා.

නව ආණ්ඩුව පත්වෙලා තාම කෙටි කාල­යයි. මගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් සාකච්ඡා සඳහා සහ බල­ධා­රීන් සමඟ අද­හස් හුව­මාරු කර ගන්න කොළ­ඹට ගියා. නව ආණ්ඩුව සහ ඔවුන්ගේ කණ්ඩා­යම සමඟ අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහි­ප­යක් පැවැ­ත්වූවා.

එම සාකච්ඡා තව­දු­ර­ටත් වාර්ෂික රැස්වීම් අත­රදී පැවැ­ත්වෙ­නවා. දැන් හොඳ එක­ඟ­තා­ව­යක් තිබෙ­නවා. එය ඒක­ම­තික එක­ඟ­තා­ව­යක්.

2022 වස­රේදී ආර්ථික අගා­ධ­යට ඇදෙ­මින් තිබූ ශ්‍රී ලංකාව, පසු­ගිය කාර්තු හතර තුළ ධනා­ත්මක ආර්ථික වර්ධ­න­යක් පෙන්නුම් කර තිබෙ­නවා. මෙම වැඩ­ස­ට­හන යටතේ ශ්‍රී ලංකාව නිල ණය හිමි­යන් සහ පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ ගිවි­සු­ම්ව­ලට එළ­ඹී­මේදී නෛතික වශ­යෙන් එක­ඟ­තා­ව­කට පැමි­ණීම අත්‍යා­වශ්‍ය කාර­ණ­යක් වෙනවා. “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories