2026 ජූලි 31 සිකුරාදා, 05:27
නවතම පුවත්

විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය කටුනායකදී

ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරේ.

ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී අද සිදුකෙරුණි.

1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්ය.

තුෂාරා , ආදරේ හිතෙනවා දැක්කම , හතරදෙනාම සූරයෝ , අහස් ගව්ව , ගඟ අද්දර, පාර දිගේ , මහ ගෙදර , කැඩපතක ඡායා , නොම්බර දහ හත ආදී චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වූ විජය 1983 සිට 1988 දක්වා වසර පහක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ගායකයකු ලෙසද දක්ෂතා ප්‍රකට කළ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල්වී ක්‍රියාකළේය.

1978 පෙබරවාරී 20 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ දිවියට එළැඹි විජය දෙදරු පියෙකි.

ජනකාන්ත නළුවකු හා ප්‍රතිභාපූර්ණ ගායකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක්වුණි.

ඒ යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් සිදු කළ වෙඩිතැබීමකින්ය.

ඔහුගේ 37 වැනි ගුණ සැමරුම යෙදෙන අද, කටුනායක පිහිටි විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝහාර දැක්වීම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඊට ජීවන් කුමාරතුංග, රංජන් රාමානායක ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අසහාය රංගන ශිල්පි විජය කුමාරතුංග, දැයෙන් සමුගෙන වසර 37ක් ගතවුවත් ඔහුගේ මතකයන් අදටත් ශ්‍රී ලාංකීයයන් තුළ ජීවමානයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories