2026 ජූලි 25 සෙනසුරාදා, 15:32
නවතම පුවත්

විමල් ගේ සත්‍යග්‍රහය අවසන්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් කර තිබේ. රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙම පියවර ගත් බව වාර්තා වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ඊට වගකිව යුතු බව පවසමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊයේ (12) ආරම්භ විය. විශේෂයෙන්ම නව විෂය නිර්දේශයේ අන්තර්ගත වූ බව කියන ගැටලුකාරී කරුණු සම්බන්ධයෙන් විරෝධතාකරුවන් සිය දැඩි විරෝධය පළ කර තිබුණි.

කෙසේ වෙතත්, අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජය ප්‍රකාශ කළේ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යළි සමාලෝචනය කර 2027 වසර දක්වා කල් තැබීමට තීරණය කළ බවයි. එම තීරණය සැලකිල්ලට ගනිමින් විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිස සිය විරෝධතාව මෙලෙස නිමාවට පත් කිරීමට පියවර ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories