2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:44
නවතම පුවත්

කුණාටුවෙන් වාහන වෙළෙඳපොළට බලපෑම්: අලෙවිය අඩුවී මිල පහත බසී

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට වාහන වෙළෙඳපොළ අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. මෙම තත්ත්වය හමුවේ, දින 90ක කාලසීමාවක් තුළ විකිණීමට අපොහොසත් වන වාහන වෙනුවෙන් ගෙවීමට සිදුවන දඩ මුදල් සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, සුළි කුණාටුවෙන් පසුව ජනතාව මුහුණ දුන් දුෂ්කරතා නිසා, වාහන මිලදී ගැනීම සඳහා වෙන් කර තිබූ මුදල් වෙනත් හදිසි අවශ්‍යතා සඳහා යොදවන්නට ඇති බවය. මෙම කුණාටු තත්ත්වය ආරම්භ වූ නොවැම්බර් 27 වනදා සිට මේ දක්වා කාලය තුළ වාහන අලෙවියේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබුණු බවට ඔවුහු කරුණු ඉදිරිපත් කරති. බොහෝ දෙනෙකුට වාහන මිලදී ගැනීම ගැන සිතීමටවත් නොහැකි තත්ත්වයක් ඇති ව තිබෙන බවත්, සමහරුන්ට තම නිවෙස්වලින් පිටතට ඒමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

දින 90ක් ඇතුළත වාහනයක් අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත්, වාහනයේ මාදිලිය අනුව වෙනස් වන දඩ මුදල රුපියල් ලක්ෂ 1 සිට 15 දක්වා වූ පරාසයක පවතියි. එම කාලය තුළ විකිණීමට නොහැකි වන නව ජපන් ඇල්ටෝ රථයක් සඳහා රුපියල් ලක්ෂ 2ක පමණ දඩයක් ද, හොන්ඩා වෙසල් රථයක් සඳහා රුපියල් ලක්ෂ 4ක පමණ දඩයක් ද ගෙවීමට සිදුවන බව ආනයනකරුවෝ පැහැදිලි කරති.

වසර 5කට පසු වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු, සමස්ත වාහන අලෙවිය යථා තත්ත්වයට පත් වී ඇති බවත්, පහත වැටී තිබූ වාහන මිල ගණන් ද දැනට ස්ථාවර වී ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසති.

කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේ ඉහළ මට්ටමක පැවති නව හා පාවිච්චි කළ වාහන ලියාපදිංචිය, අඛණ්ඩව දෙවන මාසයටත් එනම් පසුගිය නොවැම්බර් මාසයේදී සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත. මේ අතර, මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු විවිධ කාණ්ඩවල ලියාපදිංචිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories