ඉන්දියාවේ නවදිල්ලියේ පසුගියදා සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු වන අතර, පිපිරීම සඳහා භාවිත කළ මෝටර් රථය ඔහුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.
පසුගියදා දිල්ලි නුවර සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලැබූහ