2026 ජූලි 26 ඉරිදා, 22:00
නවතම පුවත්

නුවර වැවේ වාන් ඇළ මාර්ගයේ මසුන් දහස් ගණනක් මිය ගිහින්

වාන් දමමින් තිබෙන අනුරාධපුර නුවර වැවේ වාන් ඇළ මාර්ගයේ මිරිදිය මසුන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මියගොස් ඇළ මාර්ගයේ තැන තැන රැඳී, කුණුවී යාම හේතුවෙන් නගරය පුරා දැඩි දුර්ගන්ධයක් හමන බව නගරවාසීහු පවසති.

මියගොස් සිටින ලොකු කුඩා ප්‍රමාණයේ මසුන් අතර තෙප්පිලි, කොරලි, ලූලන්, පෙතියන්, ගුරාමි, වැලිගොව්වන් වැනි වර්ග රාශියක මිරිදිය මත්ස්‍යයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තැන තැන ගොඩ ගැසී ඇති බව නගරවාසීහු පිරිසක් පෙන්වා දුන්හ.

අනුරාධපුර වාන් ඇළ අසල ඇති පන්සල් දෙකක භික්ෂූන් වහන්සේලා, අනගාරික ධර්මපාල මාවතේ ගමන් කරන ජනතාව, නගර සභා නිවාසවල ජනතාව, මාර්කට් පෙදෙසට පැමිණෙන ජනතාව සහ ඒ අවට රැකියා ස්ථානවල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඇළ මාර්ගයේ මසුන් මිය යාම හේතුවෙන් දැනට දින කීපයක් තිස්සේ පැතිර යන දැඩි දුර්ගන්ධය සමඟ අවට පදිංචි නගර වැසියන් සහ කුඩා දරුවන් අතර හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ මේ වන විට වාර්තා වී ඇති බව ද එම පිරිස් පෙන්වා දුන්හ.

පරිසරවේදීන් පවසන්නේ, නුවර වැවෙන් අධික වතුර ගලා එන විට මඩ, කාබනික ද්‍රව්‍ය, වගාවලින් ගලා එන රසායනික ද්‍රව්‍ය හා දුඹුරු පාංශු එක්වර වාන් ජලයට මිශ්‍ර වීම හේතුවෙන් ජලයේ ඔක්සිජන් මට්ටම ඉක්මනින් පහළ ගොස් මත්ස්‍යයින් මැරී ගොස් ඇති බවට සැක කරන බවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories