2026 ජූලි 31 සිකුරාදා, 14:39
නවතම පුවත්

උසස් පෙළ ප්‍රතිඵලයේ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවන් පිළිබඳව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ (27) අදහස් දැක්වීය.

ඒ අනුව ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටි සිසුන් අතුරින් පළමු තැන හිමි කර ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්තාරා හෑගොඩ ආරච්චි සිසුවිය සමත්ව තිබේ.

එම විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කල්පා විදුසරනී ශිෂ්‍යාව සමත්ව ඇති අතර තෙවන ස්ථානය හිමි කර ගැනීමට යාපනයේ හින්දු විද්‍යාලයේ ජමුනානන්දා ප්‍රනවන් ශිෂ්‍යයා සමත්ව ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිසුවා සමත් ව ඇති අතර එහි දෙවන ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විදුහලේ කන්දදාසන් දසරත් සිසුවා විසින් හිමිකර ගෙන තිබේ. එමෙන්ම එහි තෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විදුහලේ තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා විසින් හිමිකර ගැනීමටද සමත්ව ඇත.

වාණිජ විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අමාශා දුලාරි සිසුවිය විසින් සමත්ව තිබේ.

එමෙන්ම එහි දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳුවර සන්හිත කුමාරපේලි සිසුවා විසින් ද, තෙවන ස්ථානය නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ලෙසඳි උතාරා පෙරේරා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය විසින් සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිනෙත්මි මෙතන්ගා ජනකාන්ත සිසුවිය ද තෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉසුරි අංජලිකා පීරිස් ශිෂ්‍යාව ද හිමිකරගෙන ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විද්‍යාලයේ කාව්‍ය රවිහංස සිසුවා විසින් හිමිකරගෙන ඇති අතර එහි දෙවන ස්ථානය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ උෂාන් මලිත් ජයසූරිය සිසුවා විසින්ද තෙවන ස්ථානය හික්කඩුව නාගස්දෙණිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිඳු මදුසංක සිසුවා ද හිමිකර ගැනීමට සමත්ව තිබේ.

ජෛව පද්ධති විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය සදලංකාව ජාතික පාසලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ මහීෂා පතීරණ ශිෂ්‍යාව විසින්ද තෙවන ස්ථානය ගම්පහ රත්නාවලි මහා විද්‍යාලයේ චමෝදි හංසිකා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories