හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පෙබරවාරි 12 වනදා විභාග කිරීමට නියම කර ඇත.
අදාළ පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන් එක්ව ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, සියලු පෙත්සම් එකට ගෙන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමටය.
මෙම පෙත්සම් 09ක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මගින් ඉදිරිපත් කර තිබේ.