2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:43
නවතම පුවත්

නුවර යන අයට විශේෂ දැනුම්දීමක්

විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

“සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා සඳහන් කළේ සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙයි.

“සිරි දළදා වන්දනාව” අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරී යෙදවීම සිදුකරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරින් 35ක් ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමට නියමිතය.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්, පොලිස් නිල සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබේ.

දළදා වන්දනාව සඳහා පැමිණීමේ දී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories