2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:05
නවතම පුවත්

පෞද්ගලික රෝහලක කාන්තා සැත්කම් බලන්න බාහිර පිරිමි ගෙන්වා ගෙන.

අනුරාධපුර නගරයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවන්වලදී ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළ බාහිර පිරිමි පුද්ගලයන් තබා ගන්නා බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

සිසේරියන් සැත්කම් සහ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වල මෙලෙස අනවශ්‍ය පිරිමි පුද්ගලයන් ශල්‍යාගාරය තුළ තබා ගන්නා බවට චෝදනා එල්ල වී තිබෙනවා.

රජයේ හෝ පෞද්ගලික යම් ඕනෑ ම රෝහලක කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල අදාළ විශේෂඥ වෛද්‍යවරයා සහ එම ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය සෙසු රෝහල් කාන්තා කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර කාන්තාවන් මෙන් ම විශේෂයෙන් පිරිමි පුද්ගලයන් ශල්‍යාගාර තුළ තබා ගැනීම සෞඛ්‍ය ආචාරධර්මවලට සහ නීතියට ද පටහැනි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රජයේ වෛද්‍යවරු පවසනවා.

එලෙස කාන්තා ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවන්වල ශල්‍යාගාරය තුළ තබා ගන්නේ අදාළ ශල්‍යකර්මය සිදු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට හිතවත් කම්කරු සේවයේ යෙදෙන බාහිර පුද්ගලයන් බව ද පැවැසෙනවා.

මෙම පුද්ගලයන් අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරමින් සිදු කෙරෙන යම් යම් කාර්යයන් සිදු කිරීමට යොදා ගන්නා බවද සඳහන්.

මීට පෙර මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම කරවා ගත් කාන්තාවන් කිහිපදෙනකුගෙන් දුරකතනයෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් මුහුණදුන් සියලු විස්තර ප්‍රකාශ කිරීමට ලැජ්ජාවක් මෙන් ම මැලිකමක් දැක්ව ඇති අතර ඔවුන් ඉල්ලා සිටියේ තමන් වගේම මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම සිදු කරවා ගත් තවත් කාන්තාවන් කිහිප දෙනකුගෙන් ඒ ගැන විමසුවහොත් බොහෝ තොරතුරු දැනගත හැකි බවයි.

මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් දුරකතනයෙන් කළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එච්. ලියනගේ මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්, මේ ගැන තමා සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories