අද (ජූලි 03) දහවල් මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.