2026 ජූලි 27 සඳුදා, 16:45
නවතම පුවත්

විදෙස් රැකියා පෙන්නා සල්ලි ගැරූ දෙන්නෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ යූටියුබ් නාලිකා මගින් විදේශ රැකියා සඳහා මුදල් වංචා කරන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි.

කාර්යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා පවත්වමින් මෙම මුදල් වංචා කිරීම් සිදුව ඇති බව එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ දැන්වීම් බවත්, ඒ සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කාර්යාංශය කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවල නිශ්පාදන සහකාර රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 76කට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු SLBFE විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (ඔක්තෝබර් 30) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වසර 3ක් සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබා ඇති අතර, එහිදී හඳුනාගත් ආයතනයකට ශ්‍රමිකයින් යොමුකරන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇත. එසේම විදේශ රැකියා ලබාදෙන බවට ගම්පහ නීතිඥවරයෙකු ඉදිරියේ ගිවිසුම් ද අත්සන් කර ඇති නමුත් පොරොන්දු වූ පරිදි රැකියාව ලබාදී නොමැති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ පිළිබඳව මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම වංචාකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මූල්‍ය වංචා චෝදනා යටතේ ගම්පහ අධිකරණයේ නඩු 7ක් පවතින බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු අද (ඔක්තෝබර් 31) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර, බොරැල්ල YMBA වෙළඳ සංකීර්ණයේ උපදේශන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින වැටලීය. එහිදී අදාළ ආයතනයේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 33ක් ඇතුළු විදේශ රැකියා ලබාදීමට අදාළ ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත. අදාළ ආයතනය මගින් ඩුබායි, මැලේසියා වැනි රටවලට රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම මෙහෙයවා තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය ද අද අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන දැන්වීම්වලට අදාළව මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර අදාළ ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු බලපත්‍රයක් සහිත ආයතනයක්ද, නීත්‍යානුකූල ආයතනයක් නම් අදාළ රැකියාව සඳහා කාර්යාංශයේ අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව කරුණු සොයා බලන මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

එසේම වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories