ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිම්බාබ්වේ සටන ශ්‍රී ලංකා කණ්ඩායමට සූදානම්වීමට හොඳම අවස්ථාවක් බව එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී මාධ්‍යට අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, මෙම තරගාවලිය තුළින් සියලු අඩුපාඩු සකසාගෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට ශක්තිමත් කණ්ඩායමක් ලෙස පිවිසීම තමන්ගේ සහ කණ්ඩායමේ බලාපොරොත්තුව බවය.
අසලංක වැඩිදුරටත් කියා සිටියේ, ජ්‍යෙෂ්ඨයන්ටත් නවකයන්ටත් රිද්මය සොයාගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත්, නවක ක්‍රීඩකයින්ට ද සූදානම් වීම සඳහා අවස්ථාව ලබා දෙනු ඇති බවත්ය.
සිම්බාබ්වේ පිටියේ තරගාවලිය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අභියෝගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 ආසියානු කුසලානයයි. 2022 දී ඒමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ සම්භාව්‍යතාවයත්, එම වේදිකාවට පුරුදු වූ ක්‍රීඩකයින්ගේ අත්දැකීම්ත් මෙවර විශේෂ ශක්තියක් බවත් නායකයා අවධාරණය කළේය.
එවිට එක්දින කණ්ඩායමට නවක පිතිකරුවෙකු ලෙස 22 හැවිරිදි පවන් රත්නායක ඇතුළත් කර තිබේ. සී.සී.සී. නියෝජනය කරන ඔහු අන්තර් සමාජ සීමිත පන්දුවාර අවසන් තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය සටනට ලකුණු 158 ක් තනි පිතිකරු ලෙස ලබා දුනි.
තරග කාලසටහන:
එක්දින තරග 2: අගෝස්තු 29 සහ 31
විස්සයි-20 තරග 3: සැප්තැම්බර් 3, 6 සහ 7
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම:
චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර.