පොලීසිය විසින් දිවයින පුරා සිදු කරන ලද අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (නොවැම්බර් 04) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙම මෙහෙයුමේදී සමස්තයක් ලෙස පුද්ගලයින් 32,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මෙම පරීක්ෂාවන්හිදී,
- විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
- වරෙන්තුකරුවන් 271 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
- බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.