2026 ජූලි 26 ඉරිදා, 04:25
නවතම පුවත්

මහජන බැංකුවේ සේවක අක්‍රමිකතා හේතුවෙන් ගනුදෙනුකරුවෝ අපහසුතාවේ

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන මහජන බැංකුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සේවක අක්‍රමිකතා හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. නිල රාජකාරී වේලාව තුළ සේවකයන් පෞද්ගලික කටයුතුවල නිරත වීම හේතුවෙන් ආයතනයේ කාර්යක්ෂමතාවට සහ ගනුදෙනුකරුවන්ට ලබා දෙන සේවාවන්ට බරපතළ බලපෑම් එල්ල වී තිබේ.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙ.ව. 8.00 සිට පස්වරු 5.00 දක්වා වන රාජකාරී කාලය තුළ, විශේෂයෙන්ම දිවා ආහාර වේලාව ලෙස සැලකෙන ප.ව. 12.00-2.00 අතර කාලයේදී, සේවකයන් විශාල පිරිසක් පුද්ගලික අවශ්‍යතා සඳහා කාර්යාලයෙන් බැහැරව යන බවයි. කොළඹ අවට ප්‍රසිද්ධ පාසල්වල දරුවන් රැගෙන ඒම සහ අමතර පන්ති සඳහා ඔවුන් ඇරලවීම වැනි කටයුතු මේ අතර ප්‍රමුඛ වේ.

මෙම තත්ත්වය අංශ ප්‍රධානීන් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්ගේ අනුමැතිය මත සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇත. කළමනාකරණ සහ විධායක ශ්‍රේණිවල සිටින ඇතැම් කාන්තාවන්ට මෙවැනි අවස්ථා සඳහා විශේෂ වරප්‍රසාද හිමිව ඇති බවට සෙසු සේවකයන් චෝදනා කරන අතර, මෙය ආයතනය තුළ අභ්‍යන්තර ගැටුම් හා අසමගියක් ඇති කිරීමට හේතු වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් බැංකු සේවාවන් අපේක්ෂාවෙන් පැමිණෙන ගනුදෙනුකරුවන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. සේවකයන් නොමැති වීම නිසා ගනුදෙනු ප්‍රමාද වීම සහ කටයුතු නිසි ලෙස සිදුකර ගැනීමට නොහැකි වීම දෛනික සිදුවීමක් බවට පත්ව ඇත.

මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් බැංකුවේ මානව සම්පත් කළමනාකරණ අංශය සහ ඉහළ නිලධාරීන් මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුමයට කරුණකි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම සිදුවන්නේ නම්, මහජන බැංකුව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යාම වැළැක්විය නොහැකි බව බැංකු ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories