රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව වැටුප් සංශෝධනය යටතේ තම දීමනා සියයට හැත්තෑවේ සිට සියයට තිස්නමය දක්වා අඩුකර ඇති බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයන්ගෙන් චෝදනා එලවෙයි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයන් තුළ බරපතල නොසන්සුන්තාවක් මතුවී තිබෙන අතර මෙම තත්ත්වය මත ඔවුන් ඉදිරි දින කිහිපයේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව සූදානමින් සිටි.
මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ිලිමේන්තු සේවකයන් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ට අතිකාල දීමනා නොමැති වීම මෙන්ම වැටුප විෂමතාද ඇති නිසා පැවති රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා අඛණ්ඩව ලබාදී තිබිණු නමුත් පවතින තත්ත්වය මත මෙම වැටුප් දීමනා කප්පාදුවට එරෙහිව පාර්ලිමේන්තු සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.