2026 ජූලි 29 බදාදා, 06:39
නවතම පුවත්

දකුණු කොරියාවේ ගුවන් හමුදාවට වැරදිලා වැටුණු බෝම්බ

දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් අතරතුර දී ප්‍රහාරක ජෙට් යානා දෙකකින් වැරදී සිවිල් වැසියන් සිටි නගරයකට සිදුකළ බෝම්බ බිම හෙළීමක් හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු සහ හමුදා භටයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊයේ (06) දිනයේ සිදු වූ මෙම පිපිරීම් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි පල්ලියේ ගොඩනැගිල්ලකට සහ නිවාසවලට ද හානි සිදු වී ඇත.

ඒකාබද්ධ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අතරතුර ගුවන් නියමුවෙකු වැරදි ඛණ්ඩාංකවලට ඇතුළු වීම හේතුවෙන් ජෙට් යානා දෙකකින් කිලෝග්‍රෑම් 225ක් බරැති බෝම්බ අටක් නියමිත පරාසයෙන් පිටත වැටී ඇති බව ආරක්ෂක අංශ පවසා ඇති අතර මේ වන විට අභ්‍යාස අත්හිටුවා ඇති නමුත් මාර්තු 10 සිට මාර්තු 20 දක්වා දකුණු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමට එයින් බධාවක් සිදුනොවන බව ආරක්ෂ අංශ ප්‍රධානීන් පවසයි.

දකුණු කොරියානු ගුවන් හමුදාව පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් සිටින අතර බලපෑමට ලක් වූවන්ට වන්දි ලබා දෙන බවත් සිදු වූ හානිය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් ය .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories