2026 ජූලි 31 සිකුරාදා, 03:58
නවතම පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට්ටනවා – නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව එම පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

මෙරට සෑම පක්ෂයකම මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරය තුළද ගැටලු නිර්මාණය වී ඇති අතර, මේ වන විට එම අභියෝගවලට සාර්ථකව මුහුණදෙමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (04දා) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලකුණ යටතේ තරග කිරීම සඳහා මේ වන විට අයැදුම්පත් බොහෝ ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ශ්‍රීලනිප වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලා කටයුතු කරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා මින් පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කොට නැවත ඒවා කැඳවීම
සඳහා මැදිහත් වූ සියලු පාර්ශ්වවලට සිය ස්තුතිය පුදකරන බවද නිමල් සිරිපාල කීය.

සුරංගනා කතා කියමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පැවැති ආණ්ඩුවේම ක්‍රියාපිළිවෙතට සමාන නිසා රටේ ජනතාව කලකිරීමට පත්ව ඇති බවට ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති කලකිරීමෙන් පක්ෂයක් ලෙස තමන් කාලකණ්ණි සතුටක් නොලබන බවද හෙතෙම පැවැසීය.

සහල් ඇටයක්වත් ආනයනය නොකරන බව කී පිරිස අද වන විට සහල් ආනයනය කරන තැනට පත්ව ඇතැයි යන්න ඔහු චෝදනා කළේය.

ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories