2026 මැයි 15 සිකුරාදා, 13:51
නවතම පුවත්

අද පෙරවරුවේ සිට GMOA අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (26) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ක්‍රමවේද පහක් ඔස්සේ මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ හෝ රසායනාගාර පරීක්ෂණ බාහිර පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ නිකුත් කරනු නොලැබේ. එමෙන්ම රෝහල් ඒකකයක් සඳහා අවශ්‍ය නිසි වෛද්‍යවරුන් සංඛ්‍යාව අනුමත කර නොමැති අවස්ථාවන්හිදී නව ඒකක ආරම්භ කිරීමට සහාය නොදැක්වීමටත්, දේශපාලන අවශ්‍යතා මත පවත්වන වෛද්‍ය සායන සහ කඳවුරු වර්ජනය කිරීමටත් වෛද්‍යවරුන් තීරණය කර ඇත. මීට අමතරව, ප්‍රතිකාර කටයුතුවලදී සහායක නිලධාරියෙකු ලබා නොදෙන ස්ථානවල රාජකාරිවලින් ඉවත් වීමටද ඔවුන් පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කළේ මෙය සේවයෙන් ඉවත් වීමක් නොව, නිසි පහසුකම් පවතින වටපිටාවක පමණක් රාජකාරි කිරීමක් බවයි. සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපයීම බලධාරීන්ගේ වගකීමක් බවත්, මෙම තත්ත්වය මත සෞඛ්‍ය සේවාව බිඳ වැටුණහොත් එහි සම්පූර්ණ වගකීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු බවත් ඔහු පවසා සිටියේය.

එළඹෙන ජනවාරි 28 වන බදාදා පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී මීටත් වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories