ලෝක කම්කරු දිනය හෙට (01) දිනට යෙදී තිබෙන අතර ඒ අනුව එය සමරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය තලවාකැලේ නගරයේදී පැවැත්වීමට නියමිතයි.
‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාව වන අතර, හෙට පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතයි.