2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

Island Voice අපේ අනාවරණය සැබෑ වෙයි: ගල්අඟුරු සභාපති කෝප් කැඳවීම මඟහරියි

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා ඇතුළු නිලධාරීන් අද (09) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවට පැමිණීම මඟහැර තිබේ. Island Voice අප විසින් ඊයේ (08) පෙරවරුවේම වාර්තා කළ පරිදි, මෙම මඟහැරීම සඳහා ඔහු ඉතා සූක්ෂ්ම ලෙස ආයතනික රැස්වීමක් පලිහක් කරගෙන ඇති බව මේ වන විට තහවුරු වී ඇත.

ගල්අඟුරු මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව අද දිනය වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අද දිනට කල් දැමීමට සභාපතිවරයා පියවර ගත්තේය. Island Voice අප ඊයේ පෙන්වා දුන් පරිදිම, “අද දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවතින බැවින් කෝප් කමිටුවට පැමිණිය නොහැකි” බව පවසමින් සභාපතිවරයා මෙම කැඳවීම පැහැර හැර තිබේ.

ලංකා ගල්අඟුරු සමාගමේ ගණන්දීමේ නිලධාරියා ලෙස සභාපතිවරයාට පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ පෙනී සිටීමට ඇති ව්‍යවස්ථාපිත වගකීම, ආයතනික අභ්‍යන්තර රැස්වීමක් පෙන්වමින් මඟහැරීම බරපතළ තත්ත්වයකි. ජනතාවගේ වගවීම නියෝජනය කරන උත්තරීතර ආයතනයක් වන කෝප් කමිටුව හෑල්ලුවට ලක් කරමින් ඔහු ගත් මෙම තීරණය පිටුපස, හෙළිදරව් වීමට නියමිතව තිබූ ටෙන්ඩර් අක්‍රමිකතා වසා ගැනීමේ උත්සාහයක් පවතින්නේද යන්න පිළිබඳව දැන් සැක මතුවේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories