ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් යටතේ, කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම් මැනිය හැකි නවීන බහු-දූෂක හඳුනාගන්නා උපකරණයක් ඊයේ (සැප්තැම්බර් 17) සිට ක්‍රියාත්මක කරන ලදී.
මෙම උපකරණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙහෙයවන වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථානයේ සවි කර ඇති අතර, අනාගත වායු දූෂණ අවම කිරීමේ සැලසුම් සඳහා විශ්වාසදායක දත්ත ලබා දීමට නියමිතය.
ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් Online Real Time Web Based Air Quality Monitoring System හරහා දත්ත ලබා දෙන මෙය, ජාතික මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශයේ වායු තත්ත්ව කළමනාකරණ ඒකකය අධීක්ෂණය කරයි.
නව උපකරණය ස්ථාපනය කිරීමේ උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා හා ප්‍රංශ නිලධාරීන් පිරිසක් සහභාගිවූ බවද සදහන් වේ.
මහනුවර කොලින් හරිශ්චන්ද්‍ර විසිනි
