රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චි ඉරණතිව් දූපතේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවැසීය.
බටහිර නාවික විධානය දුන් තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී ළඳු කැලෑවක් තුළ සැක කටයුතු උර 6 ක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 207 කට අධික තොගයක් සොයාගත් බවද නාවික හමුදාව කීය.
භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලංකාවිල්