2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:34
නවතම පුවත්

පිලිපීනයේ ප්‍රබල භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පිලිපීනයට අද (10) පෙරවරුවේ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිවී තිබේ. මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ, මෙම භූමිකම්පාව එරට මින්ඩනාඕ කලාපයේ ඇති වූ බවයි.
මෙම භූමිකම්පාව හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3ක් (අඩි 10ක්) දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.

පිලිපීන බලධාරීන් පවසන්නේ, පළමු සුනාමි රළ පිලිපීන වේලාවෙන් රාත්‍රී 11:43ට පෙර පැමිණිය හැකි අතර, එම තත්ත්වය පැය ගණනක් පැවතිය හැකි බවයි.

මේ අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල ද මුහුදු රළ මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බවයි.

භූමිකම්පාවෙන් සිදුවූ හානිය සහ ජීවිත හානි පිළිබඳ තොරතුරු මේ මොහොත වන විට වාර්තා වී නොමැති අතර, බලධාරීන් පහත්බිම් ප්‍රදේශවල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories