2026 ජූලි 31 සිකුරාදා, 20:05
නවතම පුවත්

නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම හෙට

පාර්ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ඇත.

මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බව වාර්තා වේ.

හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබුණි.

කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව සඳහන්ය.

කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතී.

කෙසේවෙතත් කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති අතර වත්මන් නියෝජ්‍ය කථානායකවරයාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බව සඳහන්ය.

පවතින තත්වය තුළ නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වෙනු ඇත.

මේ අතර කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂයෙන් කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන බවට සිදුකළ ප්‍රකාශයත් සමගය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories