2026 ජූලි 29 බදාදා, 06:26
නවතම පුවත්

ජනපතිගේ මැදපෙරදිග සංචාරයේදී නව ඉන්ධන සහ ගෑස් ගිවිසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිදුකරන රාජ්‍ය සංචාරයේදී ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම්, විදුලිබල හා බලශක්ති ව්‍යාපෘති සහ වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීම මෙම සංචාරයේ තවත් කැපීපෙනෙන සිදුවීමක් වනු ඇති බවයි.

එම ඒකාබද්ධ කොමිසම පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබන සතියේ අපේක්ෂා කෙරේ.

පෙබරවාරි 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිත සංචාරයේදී රැකියා අවස්ථා, සංචාරක සහ අධ්‍යාපන ප්‍රවර්ධනය පිළිබඳ ගිවිසුම්වලට ද එළඹෙනු ඇත.

දෙරටේ රජයන් දෙක අතර ව්‍යාපෘතිවලට එළඹීමට නියමිත අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට වාසිදායක ඉන්ධන සහ ගෑස් ආනයනය පිළිබඳ සාකච්ඡා ප්‍රමුඛතා අතර වනු ඇති බව අමාත්‍ය හේරත් පවසා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් තේ සහ මැණික් අපනයනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවට අමතරව, ව්‍යාපාරික ප්‍රජාව සමඟ රැස්වීම් ද පවත්වනු ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආයෝජන වැඩිකිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් 350,000 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර ජනාධිපති දිසානායක ඩුබායි හි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද හමුවීම් පවත්වනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories