කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දෙසැම්බර් 19 වැනිදා පැවති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය, හුදෙක් සම්මාන උළෙලකට වඩා දැඩි මහජන විවාදයකට මුලපුරන ලද පිටියක් බවට පත්ව තිබේ. ඒ Island voice lk අප පුවත් නාලිකාව මාධ්‍ය වෙත මුදා හරින ලද වීඩියෝ පටයක් හේතුවෙනි.
“පෙරහුරු ආවේ නැති නිසා මගේ සම්මානය උදුරගත්තා” යනුවෙන් සිරිමාවෝ සිසුවියගේ චෝදනාව
සමාජ මාධ්‍ය හරහා අප මුදාහළ වීඩියෝවේ දැක්වෙන්නේ, තමා සතු විශිෂ්ට ජයග්‍රහණ රැසක් තිබියදීත්, වර්ණ රාත්‍රියේ පෙරහුරුවලට සහභාගී නොවීම යන හේතුව මත තමාට හිමි විය යුතු සම්මානය අහිමි වූ බවට අදාළ ශිෂ්‍යාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අයුරුයි. මෙම හෙළිදරව්ව පාසල් පද්ධතිය තුළ සම්මාන ලබාදීමේ පවතින විනිවිදභාවය පිළිබඳ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කර ඇත.
සිරිමාවෝ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවෝ ද මේ වන විට අදාළ සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටිති .
ස්කොෂ් සහ පිහිනුම් යන ක්‍රීඩා ද්විත්වයටම සම්බන්ධ මෙම සිදුවීම ගැන ක්‍රීඩා විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි ආදි ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින්නේ
පරීක්ෂණ අවසන් වන තෙක් ශිෂ්‍යාවන්ගේ පෞද්ගලිකත්වයට හෝ පාසලේ කීර්තිනාමයට හානි වන අයුරින් අදහස් පළ නොකරන ලෙස ආදි ශිෂ්‍ය සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
පාසල් පරිපාලනය මෙතෙක් මහජන ප්‍රතිචාර සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, ඉහළ බලධාරීන්ගේ අවධානයද දැන් මේ දෙසට යොමුව තිබේ.