2026 ජූලි 31 සිකුරාදා, 11:01
නවතම පුවත්

වගා හානි සතුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනාව අද කෘෂිකර්ම ඇමතිට

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය.

“ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව කෑම වැඩිවුණාට පස්සේ, මේ අය ජනතාව ඉන්න ප්‍රදේශවලට ඇදෙන්න පටන් ගත්තා. මේ අය පාලනයට අපි යෝජනා කළා ලංකාවේ ආයතන 15ක් ඒකාබද්ධ කරලා යම් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ වගේම අද පරිසර අමාත්‍යවරයාට යෝජනාවක් භාරදෙනවා මේ සත්ත්ව ප්‍රජාව පාලනයට ගත යුතු පියවරයන් ගණනාවක් සඳහන් කරලා.”

ඉන්දියාවේ ඇතිවු මෙවැනිම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙලෙස අදහස් පළ කළේය.

“දැනට ඉන්දියාවේ ජම්බු සහ කාශ්මීර් කියන ප්‍රාන්තවල කරපු පර්යේෂණ ගණනාවක් තියෙනවා. රිළවුන් වද කිරීමේ දී වන්ද්‍යකරණ සැත්කම් පමණක් නෙමෙයි. ආහාරවලට වන්ද්‍යකරණයට වීමට අවශ්‍ය බෙහෙත් කලවම් කරලා දෙන එක. නැත්නම් වෙනත් හෝමෝන වන්ද්‍යකරණය සඳහා යොදා ගැනීම. තවත් රටවල වෛරස් වගේ දේවල් යොදාගෙන තියෙනවා. අපිට විශේෂයෙන් සත්තු වනද්‍යාකරණයට අවශ්‍ය හෝමෝන ආහාර මාර්ගයෙන් ලබාදෙන්න. එවිට යම් ප්‍රමාණාත්මකව තමා මෙය කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් ලංකාවට ආවේණික උප විශේෂයක් වන macaca sinica රිළවුන් වදවීමේ යෑමේ අවධානමක් තියෙනවා. මේක පර්යේෂණයකින් පස්සේ ආරම්භ කරන්න මේක.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories