කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (නොවැම්බර් 02) පස්වරු 3.00ට නවි මුම්බායි (Navi Mumbai) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරය.
දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, අද තරගයට බොහෝ දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමට ඉඩ ඇතැයි, කාලගුණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.