2026 ජූලි 29 බදාදා, 06:39
නවතම පුවත්

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (17) පැල්ලේකැලේදී පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයැවීමට තීරණය කර ඇත.දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ වසර 9කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජය ගනිමින් ය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1- 0 ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.

අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිජය ජය හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා ඇත්තේ මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගය ජයගතහොත් වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට අවස්ථාව හිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 38කට ක්‍රීඩා කර ඇත. ඉන් තරග 21ක් ජයගෙන ඇති අතර තරග 16ක් පරාජයට පත්ව ඇත.

නවසීලන්තය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී එක්දින තරග 3කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් ඉන් එක් තරගයක් ජය ගනිද්දී තරග 2ක් පරාජයට පත්ව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories