2026 ජූලි 29 බදාදා, 08:18
නවතම පුවත්

වාද්දුව පොලීසියේ සිව්දෙනෙකු අත්අඩංගුවට

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී රෝගාතුරු වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ අද (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම සිව්දෙනා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා වැඩ තහනම් කිරීමකට ලක්කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු සිව්දෙනා හෙට (13) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මුලිකත්වයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අදාළ විමර්ශන සිදුකරණු ලබයි.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකු මෙලෙස මියගොස් තිබුණි.

පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම පුද්ගලයාව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නිවසේ සිටියදී රෝගාතුර වීම හේතුවෙන් පානදුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, ඔහු පොලිස් අත්අඩංගුවේ සිටි කාලය තුල පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇති බවටය.

මියගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය මීටපෙර සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories