2026 ජූලි 29 බදාදා, 04:31
නවතම පුවත්

මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ පෞද්ගලික අංශයෙන් ඇණවුම් කරලා

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී මැතිවරණ නීති සහ ඖෂධ සංස්ථා පනත උල්ලංඝනය කරමින් මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ඖෂධ ගණනාවක් පෞද්ගලික අංශයෙන් ඇනවුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර හරහා රජයට කෝටි 75ක අලාභයක් සිදුවන බව අනාවරණය වේ.

ජන අරගල සන්ධානය නුගේගොඩ කන්දවත්ත පාරේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබීමට පෙර මෙම ඖෂධ ඇනවුම කර ඇති බවය.

ඖෂධ සංස්ථා පනතට අනුව පෞද්ගලික නිෂ්පාදකයන්ට පැවරිය හැක්කේ රජය විසින් නිෂ්පාදනය නොකරන ඖෂධ පමණක් වේ.

“සැප්තැම්බර් 2 වැනිදා නව ඇනවුම් ලබා දුන්නා. එයට කැබිනට් අනුමැතිය ගන්න නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 10 වැනිදා. ඖෂධ සංස්ථා පනතට අනුව රජය හැර වෙනත් පාර්ශවයක් ඖෂධ නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍යයි. රජය විසින් නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදනයේ අවසරයක් පෞද්ගලික සමාගමකට දෙන්න බෑ කියලා පනතේ පැහැදිලිව තිබෙනවා. නමුත් මෙවර එවැනි ඖෂධ සඳහාත් පෞද්ගලික නිෂ්පාදකයන්ට ඇනවුම් දීලා. මේ පිටුපස මැතිවරණ අල්ලස් තිබෙන්න පුළුවන්. අල්ලස් සහ පගාව ලබාදීම් තිබෙන්න පුළුවන්. අනෙක් ප්‍රශ්නය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීමටත් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් අයට ඇනවුම් ලබා දීලා. පරාජය නළලේ කොටාගෙන ඉන්න දේශපාලඥයෝ ඊළඟ මහ මැතිවරණයට සල්ලි හොයන විදියද මේ? මැතිවරණ නීතිය, ප්‍රසම්පාදන නීතිය, ඖෂධ පිලිබඳ නීතිය ආදී සියල්ල උල්ලංඝනය කරමින් මහජන අරමුදල් සහ මහජන සෞඛ්‍යය පරදුවට තියන මේ යෝජනාවට කැබිනට් අනුමැතිය දුන්නොත් ඒ කැබිනට් මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා දේශපාලන කුණු කූඩයට තල්ලු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනට ලංකාවට අවශ්‍ය ඇතැම් ඖෂධ විදේශ වලින් ආනයනය කරනවා. තවත් ඖෂධ වර්ග ගණනාවක් ලංකාව තුළ නිෂ්පාදනය කරනවා. ඒ අතරින් වැඩිම ඖෂධ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ රජය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. තවත් ඖෂධ ප්‍රමාණයක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය විසින් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට පවරා තිබෙනවා. කාලයක් තිස්සේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් රැසක් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට ඉන්න රනිල් වික්‍රමසිංහ ගැනත් 21 වැනිදා තීරණයක් ගන්න.” යැයිද හෙතෙම කිවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories