2026 ජූලි 29 බදාදා, 17:50
නවතම පුවත්

ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අඩු රටක් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකාව ණය පැහැර හරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම (CCC+) දක්වා ෆිට්ච් රේටින්ග්ස් ආයතනය මෙරට ශ්‍රේණිගත කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකත්වය ඔස්සේ නැවත වරක් ණය පැහැරහැරීමේ අවදානමකට ලක්වීම අවම වී ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි.

අමෙරිකානු ආයතනයක් වන ෆිට්ච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම් වී මෙම ආයතනය නව ශ්‍රේණිගත කිරීම මෙරටට ලබා දී ඇත.

දරුණු ආර්ථික පසුබෑම හමුවේ 2022 අප්‍රේල් සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

පසුව ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් විය.

ඒ අනුව, මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

එම ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගැනීම පදනම්ව මෙම ෆිට්ච් රේටින්ග්ස් ශ්‍රී ලංකාව සඳහා නව ශ්‍රේණිය ලබා දී තිබේ.

ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවේ ණය බර පහත හෙළීමට සමත් වුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සාමාන්‍ය ණය සහ පොලී සහ ආදායම් අනුපාතය මධ්‍යකාලීන ලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories