2026 ජූලි 29 බදාදා, 19:04
නවතම පුවත්

අලි ඇතුන් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

ලියාපදිංචි නොකළ අලි ඇතුන් කිහිපදෙනකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පවතින නඩු කටයුත්තක් විභාග කිරීම වළක්වමින් එම අධිකරණය වෙත නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම එම නඩුව තම අධිකරණය භාරයට ගන්නා ලෙසට ද ඊයේ (07දා) නියෝග කළේය.

එම නඩුකරයට අදාළව කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් ලබාදී ඇති සියලුම නියෝග තම අධිකරණය හමුවේ පවතින පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවමින් තවත් නියෝගයක් ද නිකුත් කළේය.

නීති විරෝධී අන්දමින් සන්තකයේ තබාගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හීලෑ අලි ඇතුන් කිහිපදෙනකු එකී සන්තකයේ තබාගත් පුද්ගලයන්ටම යළි මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් ලබාදී තිබූ නියෝගයක් නීති විරෝධී බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ ප්‍රීති පද්මන් සුරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝග කළහ.

ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මින් පෙර ගොනුකර තිබූ නඩුවක් මෝසමක් මගින් ඊයේ (07දා) කැඳවිණි.

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාළව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් මුදාහැරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදීත් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අලි ඇතුන් භාරයේ තබාගෙන සිටි පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි මින් දින කිහිපයකට පෙර එකී නියෝගය නිකුත් කර ඇතැයි ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories