2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:33
නවතම පුවත්

අධ්‍යාපනයේ නිවාඩු අත්හිටුවීම පැය 24න් හකුළා ගනී

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දී තිබෙන පහසුකම අත්හිටුවීමට ගත් තීරණය පැය විසි හතරකින් ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු වී තිබෙනවා.

දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම ඔක්තෝබර් මස පළමු වැනිදා සිට අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර තමන් යටතේ ඇති ආයතනවලට දැනුම් දුන්නේ පසුගිය 5 වැනිදා ය. එහෙත් ඉන් පසු දින (06 වැනිදා) ලේකම්වරිය යළිත් දැනුම් දුන්නේ එම තීරණය ක්‍රියාත්මක නොකරන බව ය.

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ද අදාළ වූ ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු තවදුරටත් ලබා දීමෙන් ආයතනවල කාර්යයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය ය.

කලින් තීරණය ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙමින් ලේකම්වරිය සඳහන් කර ඇත්තේ උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය මත එම පියවර ගත් බව ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories