2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:21
නවතම පුවත්

උණ, ඩෙංගු සහ වෛරස් ආසාදන මේ දිනවල ළමුන් අතර වැඩිවිමක්

ළමා උණ රෝගීන්ගේ වැඩිවීමක් මෙන්ම වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍ය පෙරේරා පෙන්වා දී ඇත්තේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත කැක්කුම සහ ඉඳහිට වමනය යෑම ඇතුළු වෛරස් උණ රෝග ලක්ෂණ එම ළමුන් තුළ දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් දින තුනකට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම්, තම දරුවන්ගේ රෝග ලක්ෂණ සමීපව නිරීක්ෂණය කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔහු මව්පියන්ට උපදෙස් දෙයි.

පාසල් සිසුන් අතර අත්, පාද සහ මුඛ රෝගයේ (HFMD) වැඩිවීමක් ද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

දරුවන්ගේ අත්ල සහ යටිපතුල්වල, මුඛය වටා හෝ ඉහළ තට්ටම් මත කුඩා, ඕවලාකාර, සුදු පැහැති බිබිලි ඇතිවීම වැනි රෝග ලක්ෂණ මෙන්ම මුඛයේ දුඹුරු පැහැති හෝ රතු පැහැති සමක් තිබේ නම් හෝ දිස්වන්නේ නම් සහ කැසීමක් ඇත්නම් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම රෝග ලක්ෂණ සමහරක් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණවලට සමාන බැවින් උණ දිගටම පැවතුනහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින ඩෙංගු රෝගය හඳුනාගැනීම සඳහා රුධිර පරීක්‍ෂා කිරීමට ද ඔහු නිර්දේශ කරයි.

මේ අතර, ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් වීම අවශ්‍ය වන්නේ එහි මරණ අනුපාතය 0.1%ක් සමඟ මාරාන්තික වීමේ හැකියාව නිසාය.

දිනෙන් දින වර්ධනය වන රෝගීන් සංඛ්‍යාව අනුව ඉක්මන් පරීක්ෂණ සහ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රධාන පියවරක් ලෙස අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම දරුවා රෝගාතුර වීමේ සලකුණු පෙන්නුම් කරන්නේ නම්, ප්‍රමාදයකින් තොරව සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගැනීමටත් මව්පියන්ට උපදෙස් දෙනු ලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories