ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට ඇමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ.
ඇමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 40ක් පුරා වසා දැමුණු අතර, එය අවසන් කළ හැකි ගිවිසුමකට මෙසේ සෙනෙට් සභිකයින් එකඟ වී ඇති බව වාර්තා වේ.
රිපබ්ලිකන්වරුන් සමඟ සාකච්ඡා කරන ලද මෙම ගිවිසුමට ඡන්දය දීමට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ඡන්දය සම්මත වුවහොත් ඇමෙරිකාව පුරා රජයේ සේවාවන් සම්පූර්ණයෙන්ම නැවත ආරම්භ කිරීම සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.