සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන ලදී.
සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ.
නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි සදහන් වෙන්නේ.